නියෝජ්ය විදුහල්පති පණිවිඩය
මාර / කනංකෙ සිරි පැරකුම්බා මධ්ය මහා විද්යාලය

අප පාසල දකුණු පළාතේ අකුරැස්ස කලාපයේ ඇති ජනප්රිය පාසලකි. අප පාසලේ දරුවන් කලාප, පළාත් සහ ජාතික මට්ටමේ ජයග්රහණ රාශියක් ලබා ඇති අතර කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයක් අප පාසලෙන් බිහි වී ඇත.
අප පාසල මේ වන විට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ ද දියුණුවක් කරා ලගා වෙමින් ඇත. පාසලේ වෙබ් අඩවිය සකස් කිරීමත් සමග දරුවන්ට සහ සමාජයේ අනෙක් පාර්ශවයන්ට පාසල සමග තොරතුරු හුවමාරු කර ගැනීමට ඇති අවස්ථාවන්ද පුළුල් වේ. අප විද්යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට මෙම පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ ඉදිරි ගමනට සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි.
මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සියලු දෙනාට ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ අධ්යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්රාර්ථනා කරමි.
නියෝජ්ය විදුහල්පති,
A.P. සරත් මයා
කනංකෙ සිරි පැරකුම්බා මධ්ය මහා විද්යාලය