සිරිලක් මෑණිගෙ සිරස පැලැන්දූ
රන්මිණි කිරුළකි ජය දද බැන්දූ
කනංකෙ පියසේ සරසවි රන්දන
මැදිමහ විදුහල සිරි පැරකුම්බා
ඔබ වෙත ඒන දරු කැළ සුරකින්නේ
වට කොට කදු පෙළ ඔබ සුරකින්නේ
සැම යහ ගුණ අප වෙත වඩවන්නේ
මෑණියනේ ඔබ අප පණ වන්නේ
විද්‍යා වාණිජ කළාව ආදී
සිප් කිරි දහරින් හද පිනවාදී
දෙස බස රෑස නංවන හෙළ විරුවන්
සැමදා බිහි වේවා ඔබ තුරුලේ
ජය වේ ජය වේ ජය වේවා
මෑණියනේ ජය ජය වේවා.......//