• (+94) 912287053
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kananke Siri Perakumba M.V.

මාර/ කනංකෙ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Akuressa zone

  • Register
  • Login
Kananke Siri Perakumba M.V.

මාර/ කනංකෙ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Akuressa zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • උසස් පෙළ
      • කණිෂ්ඨ ද්විතීයික අංශය
      • ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ශ්‍රීලංකාවේ දකුණු ලක මාතර පුරවරයේ අකරැස්ස අධ්‍යාපන කලාපයේ වැලිපිටිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් 1AB වර්ගයේ පාසලක් නමින්
මාර/ කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලයයි.

1976 වසර වන විට මාර/ කනංකේ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ද්විතියික අංශය වෙන්කොට වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාවයක් මතුවිය. ඒ එවකට එහි ඉගෙනුම් ක්‍රියාවලීයේ නිරත වූ සිසු සිසුවියනට අවශ්‍යවූ ඉඩකඩ මද වීමේ ගැටළුවකට පිළියමක් වශයෙනි. දැනට කනංකේ ප්‍රාථමික විද්‍යාලය පිහිටා ඇති තැනින් 1KM පමණ අකුරැස්ස දෙසින් පිහිට ඇති එදත් අදත් නොඉඳුල් සුරක්ෂිත වනාන්තරයක් වශයෙන් හැඳින්වෙන කුඩේගල කන්ද  නම් රක්ෂිතයයි. එය කනංකේ ගම මැදින් ගලා බසින්න පොල්  අතුමෝදර ගංගාවේ ජල පෝෂක ප්‍රදේශයයි. රජයේ මැදිහත් වීමෙන් සහ දෙමාපියන්ගේ සහයෝගය ඇතිව කුඩේගල කන්ද නැමති සුන්දර රක්ෂිතයේ වෙල්යාය හා සබැඳි  බෑවුම එළිපෙහෙලි කළේ ද්විතීයික පාසලක් ආරම්භ කර කනංකේ මහ විද්‍යාලයෙන් ප්‍රාථමික පාසල වෙන් කිරීමේ අරමුණිනි.

එහි සාර්ථක ප්‍රතිඵලයක් වශයෙන් රජයේ මැදිහත් වීමෙන් කඩිනමින් පාසල් ගොඩනැගිලි 2ක් ඉදි වුනි. ඊට අමතරව දෙමව්පියන්ගේ සහයෝගයෙන් තාවකාලීක ගොඩනැගිල්ලක්  ඉදිවුණි. කඩිනමින් ගොඩනැගිලි ඉදිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1977 වෙසක් මස 12 වන දින මාර/කනංකේ සිරි පැරකුම්බා නම්න් ද්විතීයික අංශය ආදරණීය දූ පුතුන්ගේ අනාගතය හැඩගස්වන තැනක් වශයෙන් මෙම දැයේ දරුවන්ට සිප් කිරි පොවන පින් බිමක් වශයෙන් කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහ විද්‍යාලය ජන්මලාභය ලැබීය. 6 සිට 13 වන ශ්‍රේණිය දක් වා ප්‍රදේශවාසී  ආදරණීය දූ පුතුන්ගේ අනාගතය හැඩගස්වන ගොඩනැගිලී 12ක් සහ අනෙකුත් අංගෝපාංග සමගින්න් අක්කර 9ක භූමි භාගයකට උරුමකම් කියන මෙම පින්බර විදුබිම අද වන විට වසර 45ක් ගෙවා තිබීම කාගේත් සතුටට කාරණයකි.

වෙල්යාය මැදින් වැටී තිබුණ පටු මාවතක් ඔස්සේ සිරි පැරකුම්බා මවු තුරුලේ සිප් කිරි උරන්නට ප්‍රදේශවාසී දූ පුතුන් පැමිණියේ දුෂ්කර මාවතක් ඔස්සේ වුවත් සුන්දර වන ලැහැබක පිහිටි රමණීය සිප්හලක් වෙතය. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී ඉවත් වන මඩ පස් දමා කුඹුරු බිම් ගොඩකර පාසලේ නව යෞවනයන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප් නංවා ගන්නට හැකි වන  පරිදි ක්‍රීඩා පිටිය සංවර්ධනය වීමේ ප්‍රති ඵලයක් වශයෙන් සිරි පැරකුම්බාවේ පෞරාණික නාම පුවරුව කර තෙක් පසින් යටවුණි. ශිෂ්‍ය සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වීමත් විභාග ප්‍රතිඵල උසස් මට්ටමකට පත්  වීම නිසා  මෙම විදුහල 1987 වසරේ දී මාර/ කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය නමින් උසස් විය. පාසලට පිවිසීමට තිබූ මහත් කදු සහිත දුෂ්කර වූ මාර්ගය අද වන විට අවස්ථා කීපයකදී කොන්ක්‍රීට් දමා පිළිසකර කර සිසු ගමනාගමනය සඳහා සංවර්ධනය වී තිබසා  

ප්‍රදේශවාසී දූපුතුන්ගේ නෙත් පාදන එකම තෝතැන්න බවට අප  විදුහල පත්  වීම සතුටට කාරනයකි. ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තාක්ශණික විද්‍යාගාරයක් මෙම විදුබිමේ ඉදිවිය. එහි ප්‍රතිඵලයක්  වශයෙන් උසස් පෙළ කළා, වාණිජ යන විෂය ධාරාවන්ට අමතරව විද්‍ය හා ගණිත අංශයන්ද ආරම්භ වුනා. අද වන විට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර උසස් පෙළ කළා, වාණිජ, විද්‍යා හා ගණිත අංශයෙන්ද  සිසු සිසුවියන් අධ්‍යාපනය ලබනවා.

හැම වසරකම උසස් පෙළ අංශයෙන් කිහිප දෙනෙක් විශ්ව විද්‍යාලයට වරම් ලබා ගැනීම මෙම පින්බිම ලැබූ මහත් භාග්‍යයකි. අවස්තා කීපයකදී සංවර්ධනය වූ ක්‍රීඩා පිටිය 2019 වර්ෂයේදී  ගොඩපස් දමා ගොඩකර සුවිසල් ක්‍රීඩා පිට්ටනියක් බවට පත් වීම විදුහල්පති තුමියගේ මහත් කැපවීම යටතේ සිදු වියි. ඒ වාගේම මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.ළඟම පාසල හොඳම පාසල යටතේ අභිනවයෙන් ඉදිකල නව තෙමල් ගොඩනැගිල්ල ඉදිවිය. පාසලේ තිබූ විශාල අඩුපාඩුවක් වන රැස්වීsම් ශාලාව හා පරිපාලන ඒකකය  මෙන්ම තවත් පන්තිකාමර 4ක් එම ගොඩනැගිල්ල සතුය

අද වනවිට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 38ක් වන අතර අනධ්‍යන කාර්යය මණ්ඩලය 11 කින් සමන්විතය. පන්සිය තුනක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ගුණ නැණ පිරි දරු පිරිසක් පරමාදර්ශී පාසලක් " යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2023 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

 

 

ආරම්භ කළ වර්ෂය

1977

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

-

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

-

මුල් ගුරුතුමාගේ නම

-

පාසලේ ආදි කතෘගේ නම

-

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

-

පාසලේ නම

-

පාසල භාරව කටයුතු කිරීම

-

පාසල රජයට පවරාගත් දිනය

-

පාසල පැවැත්වූ ස්ථානය

-

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

-

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

-

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

-

 

 

 

{QF3=5}

Kananke Siri Perakumba M.V.

මාර/ කනංකෙ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)

Akuressa zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය MR/ Siri Parakumba Central College, Kananke Bazaar, Kananke
  • දුරකථන (+94) 912287053
  • ෆැක්ස් (+94) 912287053

Supported By

© 2026 Kananke Siri Perakumba M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk